පින්තූරය අන්තර්ජාලයෙන් |
ඉගෙන ගැනීම නැතහොත් අධ්‍යාපනය ලැබීම අවසන් වන්නේ මරණයෙන්
පසුව බව ප්‍රචලිත කියමනකි. එලෙස මරණය දක්වාම ලබන්නා වූ අධ්‍යාපනය නැත්නම් ගැනීම ප්‍රධාන
වශයෙන් ද්වි ආකාර වේ. එනම්, විධිමත් අධ්‍යාපනය හා අවිධිමත් අධ්‍යාපනය වශයෙනි. අධ්‍යාපනයේ
ඇති විධිමත්-අවිධිමත් බව පිළිබඳවද විවිධ නිර්වචන ඇත. මෙහිදී අපගේ එකඟතාවය වඩාත්
ඇත්තේ මතු කියවෙන නිර්වචනය කෙරෙහිය. එනම්, විධිමත් අධ්‍යාපනය යනු:
නිශ්චිත සුදුසුකම් මත
තෝරා ගන්නා ලද කණ්ඩායමක්, නිශ්චිත කාල පරිච්ඡේදයකදී, නිශ්චිත ආයතනයකදී හෝ ආයතන
පද්ධතියකදී, නිශ්චිත දැනුම ප්‍රමාණයක් ලබා ගැනීම හා එසේ ලබා ගත්තා වූ දැනුම
නිශ්චිත ඇගයීමකට ලක් කොට නිශ්චිත සහතිකයක් ලබා දීමයි.
එසේනම් අවිධිමත් අධ්‍යාපනය යනු මෙහි ප්‍රති විරුද්ද
අවස්ථාවයි. එනම්:
ඕනෑම අයෙකු, ඕනෑම
වේලාවක් ගත කොට, ආයතනයකට සම්බන්ධ වී හෝ නොමැතිව ඕනෑම ආකාරයක දැනුමක් ලබා ගැනීම හා
එම පුද්ගලයාට එම දැනුම ලැබී ඇති බවට ඇගයීමක් හා සහතික කිරීමක් නොමැති වීම අවිධිමත්
අධ්‍යාපනයේ ඇති ලක්‍ෂණ වේ.
මෙම නිර්වචනයට අනුව ශ්‍රී ලංකාවේ පවත්නා තත්ත්වය විමසා
බැලුවහොත්, වයස අවුරුදු 5 සම්පූර්ණ වීම (අදාල වර්ෂයට වර්ෂ 5 පෙර වර්ෂයේ පෙබරවාරී
පළමුවෙනි දා සිට ඊට පසු වර්ෂයේ ජනවාරි 31 දක්වා කාල පරිච්ඡේදයේ උපත ලද දරුවෙකු
වීම) ප්‍රධාන සුදුසුකම වෙමින් අධ්‍යාපනය ලබන ආයතන තෝරා ගැනීම වැනි කාරණා වලට
බලපාන්නා වූ අතිරේක සුදුසුකම් සපුරා ඇති දරුවන්, නිශ්චය කොට ඇති විෂය නිර්දේශයන්ගෙන්
කියවෙන දැනුම ලබා ගැනීම හා වසර 11ක් අවසානයේ විභාගයකට හෙවත් ඇගයීමකට මුහුණ දී,
සාමාන්‍ය පෙල සඳහා වූ අධ්‍යාපන පොදු සහතික පත්‍රය ලබා ගැනීම හා එම සුදුසුකම ප්‍රධාන
සුදුසුකම වෙමින් හා වෙනත් අවෂේශ සුදුසුකම් මත තෝරා ගන්නා ලබන ආයතනයක, තෝරා ගන්නා
ලද විශය නිර්දේශයක් යටතේ වසර දෙකක කාලයක් දැනුම ලබා උසස් පෙල සඳහා වූ අධ්‍යාපන පොදු සහතික පත්‍රය
ලබා ගැනීම ආදී ලෙස උපාධි සහතිකය, ඩිප්ලෝමා සහතික හෝ වෙනත් වෘත්තීය ප්‍රවීනතා සහතික
පත්‍ර ලබා ගැනීම දක්වා මෙන්ම පශ්චාත් උපාධි සහතික ලබා ගැනීම ආදියත් විධිමත් අධ්‍යාපනයට
අයත් වේ. මෙම ඕනෑම අවස්ථා සඳහා අමතරව දැනුම ලබා ගැනීම (ටියුෂන් වැනි) ද අයත් වන්නේ
විධිමත් අධ්‍යාපනයටම වේ.
එසේම මෙයින් ගම්‍යවන අනෙක් සුවිශේෂී කරුණ වන්නේ විධිමත්
අධ්‍යාපනයෙන් ලැබෙන්නේ නිශ්චිත මෙන්ම සීමිත දැනුම් ප්‍රමාණයක් බවයි. මෙම
අවාසනාවන්ත තත්ත්වය යම්තාක් දුරකට හෝ මග හරවා ගැනීම සඳහා මෙම ආයතනවල ‘විෂය භාහිර
ක්‍රියාකාරකම්’ යනුවෙන් විවිධ කාර්යයන් සංවිධානය කොට ඇති මුත්, පවත්නා තරඟකාරිත්වය
හා වෙනත් විවිධ තත්ත්වයන් යටතේ එම දැනුම ලබා ගැනීමේ අවස්ථාද සීමා වී ඇත.
එසේනම්, විධිමත් අධ්‍යාපනයට අයත් නොවන කිසියම් ක්‍රමවේදයක්
මත ලබා ගන්නා වූ හෝ ලැබෙන්නා වූ දැනුම අවිධිමත් අධ්‍යාපනය ලෙස සරලව නිර්වචනය කළ
හැකිය. උදාහරණයක් ලෙස, රැකියාවක් කිරීම තුළින් ලබන්නා වූ දැනුම අයත් වන්නේ ද
අවිධිමත් අධ්‍යාපනය යන කාණ්ඩයටයි.
ජීවිත කාලයේදී යම් අවස්ථාවකදී අවශ්‍යවන දැනිම ප්‍රමාණයක්
ලෙස සලකා බැලුවහොත්, ජීවිත කාලය පුරාවටම 80%ක් අවස්ථාවලදී ප්‍රයෝජනවත් වන්නේ
අවිධිමත් අධ්‍යාපනයෙන් ලබා ගන්නා වූ දැනුම බව සොයාගෙන ඇත. විධිමත් අධ්‍යාපනයෙන්
ලබා ගත් දැනුමට වඩා අවශ්‍ය වන්නේ විධිමත් අධ්‍යාපනය මගින් ලබා ගත් සහතික බව
ඔවුන්ගේ සොයා ගැනීමයි.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන්නා වූ වයසේ සිටින්නවුන් තම
කාලයෙන් 80%ට වඩා වැඩි කාලයක් යොදවන්නේ විධිමත් අධ්‍යාපනය ලබා සඳහා බව අප කවුරත්
දන්නා සත්‍යයයි. ඉදිරි ජීවිතයේදී වඩාත්ම ප්‍රයෝජනවත් වන දැනුම ලැබෙන්නා වූ
අවිධිමත් අධ්‍යාපන මාර්ගයයන්ට අපේ රටේ දරුවන්ට ඇති අවස්ථා ඉතා සීමිත වී තිබීම
අවාසනාවන්ත තත්ත්වයකි. පාසල් යන වයසේ සිටින අයෙකුට කිසිම රැකියාවක නිරත වීමට
නීතියෙන් අවසරද නොමැත. එනම් ‘ඉගෙන ගන්න ගමන් රස්සාවක් කරන්න’ අපේ රටේදී නම් නොහැක.
http://www.colombopage.com/archive_11B/Jan03_1325535481CH.php |
එසේනම් ‘රස්සාව කරන ගමන් ඉගෙන ගැනීමට’වත් හැකිදැයි සොයා
බලමු. අප ඉහතින් සාකච්ඡා කළ පරිදි රැකියාවක් කරද්දී ‘අවිධිමත් අධ්‍යාපනය’ ලැබීමේ
කිසිම ගැටලුවක් නොමැත. නිර්වචනය ප්‍රකාරවම අවිධිමත් අධ්‍යාපනය යනු රැකියාවක් වැනි
ක්‍රියාකාරකම් තුළින් ලබා ගන්නා වූ දැනුමයි. එසේනම් අප සලකා බැලිය යුත්තේ රැකියවක්
කරන අතර ‘විධිමත් අධ්‍යාපනය’ ලබා ගැනීමේ අවස්ථා පිළිබඳවයි.
පුද්ගලික අංශයේ රැකියා නියුක්තිකයින්ට මේ අවස්ථාව හිමි
වීම එම ආයතනයේ ප්‍රතිපත්ති මත තීරණය වන්නක් වේ. බොහෝ ආයතනවල විධායක මට්ටමේ
නිලධාරීන්ට නම් විධිමත් අධ්‍යාපනය ලබා තව තවත් ‘අධ්‍යාපන සහතික’ ලබා ගැනීමේ අවස්ථා
හිමි වී ඇති අයුරු අප නිරීක්‍ෂණය කර ඇත්තෙමු. එසේ වුවද පහල ශ්‍රේණිවල
නියුක්තිකයින්ට ඇති අවස්ථා නම් විවාදාප්පන්නය.
එසේනම් රාජ්‍ය සේවයේ නියුක්තිකයින්ට ඇති අවස්ථා සලකා
බලමු.
මේ සම්බන්ධව ඇති අවස්ථා පිළිබඳව යම් අදහසක් ආයතන සංග්‍රහයේ
දොලොස්වන සහ පහලොස්වන පරිච්ඡේද අධ්‍යනය කිරීමෙන්
අපට ලබා ගත හැකිය. විශේෂයෙන් එම
පරිච්ඡේදවල පහත දැක්වෙන වගන්ති වඩාත් අදාල වේ.
·
දොලොස්වන
(XII - නිවාඩු)
පරිච්ඡේදයේ;
o
14
වගන්ති - සම්පූර්ණ වැටුප් සහිත අධ්‍යන නිවාඩු
o
15
වගන්ති - වැටුප් රහිත මෙරට අධ්‍යන නිවාඩු
o
16
වගන්ති - විදේශ අධ්‍යයන (සහ/හෝ රැකියා) සඳහා වැටුප් රහිත නිවාඩු
o
17
වගන්ති - ඉපැයූ නිවාඩු
·
පහලොස්වන
( අධ්‍යයන, අභ්‍යාස හෝ රාජකාරි කටයුතු සඳහා පිටරට යාම) පරිච්ඡේදය
o
1
වගන්ති - අර්ථනිරූපනය
o
2
වගන්ති - අභ්‍යාස හා අධ්‍යයන වැඩසටහන්
o
3
වගන්ති - යෝග්‍යතාවය
o
4
වගන්ති - සම්පූර්ණ පඩි සහිත නිවාඩු සඳහා .... ගිවිසුම් හා බැඳුම්කර
o
5
වගන්ති - පඩි රහිත නිවාඩු සඳහා ... .... ගිවිසුම්
o
6
වගන්ති - ... ගෙවිය යුතු දීමනා
o
7
වගන්ති - යැපීම් දීමනාව - මාස 6ට අඩු
o
8
වගන්ති - යැපීම් දීමනාව - මාස 6ට වැඩි
o
9
වගන්ති - උණුසුම් ඇඳුම් දීමනා සහ අත්තිකාරම්
o
10
වගන්ති - ජනාධිපතිතුමාගේ/අග්‍රාමාත්‍යතුමාගේ අනුමැතිය
o
11
වගන්ති - (ගුවන්/මුහුදු) ගමන් පන්තිය
o
12
වගන්ති - (ගුවන්/මුහුදු) ගමන් මාර්ගය
o
13
වගන්ති - ... බඩුබාහිරාදිය ප්‍රවාහනය
o
14
වගන්ති - රක්‍ෂණය - ගුවන් අනතුරු
o
15
වගන්ති - වෛද්‍ය පරීක්‍ෂණ
රාජ්‍ය සේවයේ නියුක්තිකයින්ටද ‘විධිමත්
අධ්‍යාපනය’ ලබා ගැනීමට අවස්ථා ඇති බව පෙනී යයි. මෙම නීතිමය ප්‍රතිපාදන අධ්‍යනය
කිරීමේ දී කැපී පෙනෙන ලක්‍ෂණය වන්නේ වැඩි අවධානය යොමුව ඇත්තේ විදේශීය අධ්‍යාපනය
ලබා ගැනීම සම්බන්ධව බවයි. මෙරටදී අධ්‍යාපනය ලබා ගැනීම සඳහා වැටුප් සහිත නිවාඩු
හිමි වන්නේ ඉතා සීමති අවස්ථාවන්හිදී පමණක් බවත් බොහෝ විට ලබා ගත හැක්කේ වැටුප්
රහිත නිවාඩු බවත් මෙයින් කියවේ.
එසේම විධිමත් අධ්‍යාපනය ලැබීම
සඳහා වන්නා වූ වියදම් රජය මගින් ලබා දීම පිළිබඳව මෙම පරිච්ඡේද මගින් පැහැදිළි කර
ගත නොහැකි අතර වරින් වර ප්‍රකාශ කරන ලබන වෙනත් නීතිමය ප්‍රතිපාදන ඒ සඳහා පරිශීලනය
කිරීමට සිදු වේ.
No comments:
Post a Comment