“ඕනෙ තූත්තුකුඩියකට මාරු
කරන්න කියන්න, මම වැඩ කරන්නේ මගේ හෘද සාක්කියට එකඟව. ඔය කියන කියන දේවල් කරන්න මම
බැඳිලා නෑ. අන්තිමට ඔඩිට්ලට උත්තර දෙන්න වෙන්නේ මට. පෙන්ෂන් එකත් නැතුව ගෙදර
යන්නයි වෙන්නේ ඕව කළාම.”
නිතරම අහන්න නොලැබුනත්
ඉඳ හිට හෝ මෙවැනි සංවාද රාජ්‍ය සේවය ආශ්‍රිතව අසන්නට ලැබේ. එක්කෝ, තමන්ට කිරීමට
පැවරුන රාජකාරිය ඉටු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන අදාල නීති-රෙගුලාසි ප්‍රකාරව නොමැති
අවස්ථාවන්හිදී හෘද සාක්ෂියට අනුව එම රාජකාරිය ඉටු කිරීම නීති විරෝධී බව තීරණය කරන
නිලධාරියෙක් අවංකම මෙසේ පවසනු ඇත. නැත්නම්, තමන්ට පැවරුණ රාජකාරිය ඉටු කිරීම මගින්
තමන් ප්‍රිය කරන අවස්ථාවක් හෝ තත්වයක් ගිලිහී යාම හෝ අහිමි වීම දරා ගැනීමට නොහැකි
නිලධාරියෙක් එම රාජකාරිය නොකර සිටීම සඳහා ප්‍රමාණවත් නීති ප්‍රතිපාදන සොයන අතරේ පවසන
උදම් වැකියක් වන්නටත් පුළුවන. කෙසේ වුවත් ආණ්ඩුවේ රාජකාරි කරන සෑම අයෙකුම ‘ස්ථාන
මාරු කිරීම් වලට යටත් බව’ මෙම නිලධාරීන් දෙන්නාම දන්නා බව මෙයින් පැහැදිලිය.
ආයතන සංග්‍රයේ iii වන පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම වෙන් වී ඇත්තේ රාජ්‍ය නිලධාරීන්ගේ මාරු කිරීම්
සිදු කරන ආකාරය පැහැදිලි කිරීමටයි. රාජ්‍ය නිලධාරියෙක් ස්ථාන මාරු කරනවා යන්නෙන්
අදහස් කරන්නේ, සාමාන්‍ය පරිදි සේවය වාර්තා කරන ස්ථානය, යම් දිනක සිට වෙනස්
කිරීමයි. එසේ වුවද කිසියම් හදිසි අවශ්‍යතාවයක් නිසා කෙටි කාලයක් සඳහා වෙනත්
ස්ථානයක සේවයට වාර්තා කිරීමට හා එය අවසානයේ තම සුපුරුදු සේවා ස්ථානයට වාර්තා
කිරීමට සිදුවන ආකාරයේ අවස්ථා ස්ථාන මාරු කිරීම් ලෙස සලකනු නොලැබේ. දාහත්වන ආණ්ඩුක්‍රම
සංශෝධනයේ ඇති ප්‍රතිපාදන අනුව, 2009 පෙබරවාරී මස 20 දින නිකුත් කරන ලද අංක 1589/30
දරන ගැසට් පත්‍රයේ පළ කළ ‘රාජ්‍ය සේවා කොමිෂන් සභා - කාර්ය පටිපාටික රීති’ සංග්‍රයේ
ස්ථාන මාරු කිරීම් සම්බන්ධ XVIII පරිච්ඡේදය ආයතන සංග්‍රයේ
අදාල පරිච්ඡේදයට වඩා සවිස්තරාත්මකව කරුණු දක්වා ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
55 ව්‍යවස්ථාව ප්‍රකාරව රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීමේ බලය රාජ්‍ය
සේවා කොමිෂන් සභාව සතු වන්නේය. අවස්ථාවෝචිත පරිදි 56 හා 57 ව්‍යවස්ථාවන්ගේ ප්රතිපාදනයන්
ප්‍රකාරව මෙම බලය යම් කමිටුවක් වෙත හෝ රජයේ නිලධාරියෙක් වෙත පැවරීමට හැකිය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාල කොටස් මෙසේ උපුටා දැක්විය හැකිය.
- 54. (1) ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන ...... රාජ්‍ය සේවා කොමිෂන් සභාවක් විය යුතු අතර,
- 55. (1) අමාත්‍ය මණ්ඩලය විසින්, රජයේ නිලධරයන් පත්කිරීම, උසස් කිරීම, මාරු කිරීම, ඔවුන් විෂයෙයහි විනය පාලනය සහ ඔවුන් සේවෙයන් පහ කිරීම ඇතුළු, රජයේ නිලධරයන්ට අදාළ සියලු ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධෙයන් විධිවිධාන සැලැස්විය යුත්තේ ය.
- 55. (3) ආණ්ඩුකම වවස්ථාවේ විධිවිධානවලට යටත්ව, රජයේ නිලධරයන් පත්කිරීම, උසස් කිරීම, මාරු කිරීම, ඔවුන් විෂයෙයහි විනය පාලනය සහ ඔවුන් සේවෙයන් පහ කිරීම රාජ සේවා කොමිෂන් සභාව වෙත පැවෙරන්නේ ය.
- 56.(1) අමාත්‍ය මණ්ඩලය විසින් නිශ්චිතව සඳහන් කරනු ලබන රාජ්‍ය සේවෙය් යම් නිලධර ගණවලට අයත් නිලධරයන් පත් කිරීමේ, උසස් කිරීමේ, ස්ථාන මාරු කිරීමේ, ඔවුන් විෂයෙයහි විනය පාලනය කිරීමේ සහ සේවෙයන් පහ කිරීමේ බලතල කොමිෂන් සභාව විසින් පත් කරනු ලබන කොමිෂන් සභාවේ සාමාජිකයන් නොවන තැනැත්තන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් වෙත කොමිෂන් සභාව විසින් පවරනු ලැබිය හැක්කේ ය.
- 57.(1) අමාත්‍ය මණ්ඩලය විසින් නිශ්චිතව නියම කරන යම් ගණයක රජෙය් නිලධරයන් පත් කිරීමේ, උසස් කිරීමේ, ස්ථාන මාරු කිරීමේ, ඔවුන් විෂයෙයහි විනය පාලනය කිරීමේ සහ සේවෙයන් පහ කිරීමේ බලතල කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලැබිය හැකි යම් කොන්දේසි හා කාර්ය පටිපාටිවලට යටත්ව කොමිෂන් සභාව විසින් රජයේ නිලධරයකුට පවරා දෙනු ලැබිය හැක්කේ ය.
- 61ඊ. මේ පරිච්ඡේදයේ කාර්ය සඳහා “රජයේ නිලධරයා” යන්නට යුද හමුදා, නාවුක හමුදා හෝ ගුවන් හමුදා සාමාජිකයකු හෝ මැතිවරණ කොමිෂන් සභාව විසින් පත් කරන ලද මැතිවරණ කොමිෂන් සභාෙව් නිලධරයකු හෝ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත් කරන ලද උපෙල්ඛනගත රජයේ නිලධරයකු හෝ ඇතුළත් නොවන්නේ ය.
මේ අනුව හා රාජ්‍ය සේවා
කොමිෂන් සභා - කාර්ය පටිපාටික රීති අනුව අප තේරුම් ගත යුත්තේ සෑම රජයේ
නිලධාරියෙක්ම ස්ථාන මාරු කිරීම් වලට යටත් බවය. ඉහත් සඳහන් කළ නීති ප්‍රතිපාද ප්‍රකාරව
මෙම ස්ථාන මාරු කිරීම් රාජ්‍ය සේවා කොමිෂන් සභාව හෝ එහි බලය ‘අභිනියෝජනය’ කිරීමට
පත් කළ බලධරයෙක් විසින් පමණක් දැරිය යුතුය.
රාජ්‍ය නිලධාරීන් ගේ
ස්ථාන මාරු කිරීමේ අරමුණු ප්‍රධාන කාණ්ඩ
දෙකකට වෙන් කළ හැකිය. එනම් රජයේ අවශ්‍යතාවයන් හා රාජ්‍ය නිලධාරියාට පෞද්ගලිකව
වාසිදායක අවශ්‍යතාවයන් ලෙසය.
රජයේ අවශ්‍යතාවයන්:
- ආයතනයක පවත්නා පුරප්පාඩු පිරිවීම
- ආයතනයක පරිපාලන අවශ්‍යතා සපුරා ලීම
- ආයතනයේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ප්‍රවර්ධනය කිරීම
- විනයානුකූල ක්‍රියාමාර්ගයක අවශ්‍යතා ඉටු කිරීම
- විනය නියෝගයන් ක්‍රියාත්මක කිරීම
රාජ්‍ය නිලධාරියාට පෞද්ගලිකව
වාසිදායක අවශ්‍යතාවයන්:
- නිලධාරියාට පුළුල් ක්ෂේත්රයක අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම
- නිලධාරියාගේ වෘත්තීය සංවර්ධනයට හා හැකියාවන් ප්‍රවර්ධනයට අවස්ථාව සලසා දීම
- නිලධාරියාගේ පෞද්ගලික දුෂ්කරතාවයන්ට සහන සලසා දීම
මෙයින් ‘සේවා අවශ්‍යතා
මත කරනු ලබන ස්ථාන මාරුවක්’ ලෙස හෝ ‘විනය හේතුමත කරනු ලබන ස්ථාන මාරුවක්’ ලෙස ඉහත
සඳහන් කළ තූත්තුකුඩියට ස්ථාන මාරුව හිමි විය හැකිය. එහෙත් සුහද ස්ථාන මාරු රජයේ
නිලධාරියට පෞද්ගලිකව වාසිදායක ස්ථානමාරු ආකාරයක් වන අතර වාර්ෂික ස්ථාන මාරු
දෙයාකාරයටම සිදුවිය හැකිය.
වාර්ෂික ස්ථාන මාරු
කොම්ෂන් සභාව හෝ එහි බලය
අභිනියෝජනය කරනු ලබන බලධරයා විසින් හෝ වාර්ෂිකව ස්ථාන මාරු කිරීම් සඳහා කටයුතු කළ
යුතු වන්නේය. විශේෂයෙන්ම නිලධරයෙකු කිසියම් සේවා ස්ථානයක අධික කාලයක් සේවය
කිරීමෙන් ඇතිවිය හැකි අනිසි ප්‍රතිඵල අවම කර ගැනීම සඳහාත්, වඩාත් පහසුකම් හා ‘නීත්‍යානුකූල’
අමතර ප්‍රථිලාභ සෑම දෙනාටම සමසේ හිමි කර දීම සඳහාත්, නිලධාරීයාට වැඩි ක්ෂේත්‍ර ප්‍රමාණයක
අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම සඳහාත් වාර්ෂික ස්ථාන මාරු සිදු කෙරේ.
අමාත්‍යංශ/දෙපාර්තමේන්තු
වැඩ ගණනක් අතර ස්ථාන මාරු ලැබිය හැකි ඒකාබද්ධ සේවාවන් සඳහා ‘ඒකාබද්ධ සේවා අධ්යක්ෂ
ජනරාල්වරයා’ විසින් ද ඒ ඒ අමාත්‍යංශය හා දෙපාර්තමේන්තු සඳහා සිවිශේෂී වූ සේවාවන්
සඳහා ඒ ඒ සේවාවන්ගේ අභිනියෝජන බලධාරීන්ද වාර්ෂික ස්ථාන මාරු සඳහා නියමිත කාල සටහන
පරිදි කටයුතු කළ යුතුය. ඇත්තවශයෙන්ම කාර්ය පරිපාටික නීති වල සඳහන්ව ඇත්තේ ‘... හැකි
සෑම ප්රයත්නයක්ම දැරිය යුතු වන්නේය’ යනුවෙනි. එසේම ඒවා ‘යුක්තිය ඉටුවීමට බාධාවක්
නොවන ආකාරයෙන්’ සිදුවිය යුතු බවය. එබැවින් තූත්තුකුඩියට මාරු කිරීම සඳහා මෙම
වාර්ෂික ස්ථාන මාරු යොදා ගැනීම පහසු නොවනු ඇත.
වාර්ෂික ස්ථාන මාරු සඳහා
කරුණු කාරණා රාශියක් සලකා බැලීමට ඇති නිසාවෙනුත්, බොහෝ පිරිසකගේ ස්ථාන මාරු වීමේ
හා ‘මාරු නොවී සිටීමේ’ අවශ්‍යතාවයනුත් සලකා බැලීමට ඇති බැවින්, ඒ ඒ සේවාවන් සඳහා
වෙන වෙනම ‘ස්ථාන මාරු මණ්ඩල’ නමින් ප්‍රසිද්ධ ‘වාර්ෂික ස්ථාන මාරු කමිටු’ පිහිටු
විය යුතුය. කිසියම් අභිනියෝජන බලධාරියෙකුට යම් සේවාවක් යටතේ සලකා බැලීමට ඇත්තේ 25
දෙනෙකුට වඩා අඩු සංඛ්‍යාවක් නම් වෙනම කමිටුවක් පත් නොකර වුවද කටයුතු කළ හැකිය.
කෙසේ වුවද ස්ථාන මාරු කමිටුවක් පත් කළ යුත්තේ පහත දැක්වෙන සංයුතිය පරිදිය.
- අදාල ආයතනයේ නියෝජ්‍ය ප්‍රධානියෙක් (හෝ නොමැති අවස්ථාවක ජ්‍යේෂ්ඨතම කළමණාකරන සහකාර ප්‍රධාන)
- අදාල ආයතනයෙන්, ආයතන කටයුතු භාර ජ්‍යේෂ්ඨ නිලධාරියෙක්
- අදාල සේවාවේ තනතුරු සංඛ්‍යාවෙන් 15% කට වැඩි නිලධාරීන් සංඛ්‍යාවක් සාමාජිකත්වය දරන සෑම වෘත්තීය සමිතියකින්ම එක් නියෝජිතයෙකු බැගින්
මෙම ස්ථාන මාරු කමිටුවට පහත දැක්වෙන ආකාරයේ ස්ථාන
මාරු සම්බන්ධව කටයුතු කළ නොහැකි වේ.
- අභ්‍යන්තර ස්ථාන මාරු (අභ්‍යන්තර අනුයක්ත කිරීම්)
- විනය නියෝගයක් මත හෝ විනයානුකූල ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවයක් සඳහා කරන ස්ථාන මාරු
- සේවා අවශ්‍යතා සඳහා කරනු ලබන ස්ථාන මාරු
- සුහද ස්ථාන මාරු
මෙයින් අවබෝධ කර ගත හැකි
කරුණක් වන්නේ මෙවැනි ආකාරයක ස්ථාන මාරුවක් සඳහා වාර්ෂික ස්ථාන මාරු සිදුවන තුරු
නොසිට ඕනෑම අවස්ථාවක සිදු කළ හැකි බවයි.
වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක
කිරීම සඳහා අභිනියෝජන බලධරයා විසින් ‘වාර්ෂිකව’ ස්ථාන මාරු ප්‍රතිපත්තිය හා
පටිපාටි ප්‍රකාශයට පත් කළ යුතුය. මෙම ප්‍රතිපත්තිය හා පටිපාටි සකස් කිරීමේ දී මතු
දැක්වෙන කරුණු විශේෂයෙන් සැලකිල්ලට භාජනය කළ යුතුය.
- එකම සේවා ස්ථානයක සේවා කාලය
- සේවා ස්ථානවල ඇති සුවිශේෂී පහසුකම් හා දුෂ්කරතා
- සේවා ස්ථානවල ඇති ‘නීත්‍යානුකූල’ ප්රතිලාභ හා වරප්‍රසාද
- නිලධාරියගේ හෝ පවුලේ සාමාජිකයන්ගේ සුවිශේෂී අවශ්‍යතා
- එකම සේවා ස්ථානයක හෝ එකම රාජකාරියක දීර්ග කාලීනව සේවය කිරීම හේතුවෙන් සිදුවිය හැකි විෂමාචාර
- දැනුම හා කුසලතා පුළුල් කර ගැනීමට නිලධාරීන්ට අවස්ථාව සැලසීම
- ආයතනවල රාජකාරී බාධාවකින් තොරව ඉටු කර ගැනීම සඳහා අවස්ථාව උදා කර ගැනීම
මාරු මණ්ඩල පත් කර ස්ථාන
මාරු ප්‍රතිපත්තිය හා පටිපාටි ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අභිනියෝජිත බලධරියා
විසින් ස්ථාන මාරු සඳහා අයදුම් පත්‍ර කැඳවිය යුතුය. මෙහිදී අදාල සේවයේ සෑම
නිලධාරියෙකු අයදුම් පත්‍ර ඉදිරිපත්
කළ යුත්තේ ද නැතිනම් ස්ථාන මාරු අපේක්ෂා කරන නිලධාරී පමණක් ද යන්න පැහැදිලව සඳහන්ව නොමැති වුවත් ඉහත දැක්වූ කරුණු අනුව කටයුතු
කිරීම සඳහා සෑම නිලධාරියෙකුගේම අදාල තත්වයන් මාරු මණ්ඩලය විසින් සලකා බැලිය යුතු
වේ.
මෙසේ සලකා බලා එළඹෙන
තීරණයන් ප්‍රකාරව ස්ථාන මාරු කමිටුව විසින් වාර්ෂික ස්ථාන මාරු සැලැස්ම සකස් කොට
අභිනියෝජිත බලධරායාට බාර දිය යුතු අතර, ඔහු විසින් එය ප්‍රකාශයට පත් කළ යුතුය. එම
සැලැස්මේ සඳහන් පරිදි සිදු කරනු ලබන ස්ථාන මාරු කිරීමක් සම්බන්ධව යම් නිලධාරියෙක්
අතෘප්තිමත් වී ඇත්නම් ඒ සම්බන්ධව අභියාචනා කිරීමේ අවස්ථාව එම නිලධාරීන් සතුය. මෙසේ
කරනු ලබන අභියාචනා සමාලෝචනය කර සුදුසු ක්‍රියාමාර්ග
යෝජනා කිරීම සඳහා ‘වාර්ෂික ස්ථාන මාරු සමාලෝචන කමිටු’ අභිනියෝජිත බලධරයා විසින් පත්
කළ යුතුය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
අදාල ප්‍රතිපාදන මෙසේ දක්වා ඇත.
- 58. (1). 56 වැනි වවස්ථාව හෝ 57 වැනි ව්‍යවස්ථාව යටෙත්, යම් කමිටුවක් හෝ නිලධරයකු හෝ විසින් තමා සම්බන්ධෙයන් කරන ලද උසස් කිරීමේ හෝ ස්ථාන මාරු කිරීමේ හෝ සේවෙයන් පහ කිරීමේ යම් නියමයකින් හෝ විනය කාරණයකට සම්බන්ධ වෙනත් යම් නියමයකින් අතෘප්තියට පත් යම් රජෙය් නිලධරයකු විසින්, එම නියමයන්ට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට, අභියාචනයක් විභාග කිරීම සහ තීරණය කිරීමට අදාළ වූ කාර්ය පටිපාටිය සහ අභියාචනයක් විභාග කර නිම කිරීමට නියමිත කාලය සම්බන්ධෙයන් කොමිෂන් සභාව විසින් කලින් කල සාදනු ලබන රීතිවලට අනුකූලව කොමිෂන් සභාව වෙත අභියාචනය කළ හැක්කේ ය.
- 58. (2) එවැනි අභියාචනයක් කරනු ලැබූ විට, ඒ අභියාචනය කර ඇත්තේ යම් නියමයකට විරුද්ධව ද, ඒ නියමය සුදුසු යැයි කොමිෂන් සභාවට පෙනී යන පරිදි වෙනස් කිරීමේ, මඳ වශෙයන් වෙනස් කිරීමේ, පතාදිෂ්ඨ කිරීමේ හෝ ස්ථීර කිරීමේ හෝ ඒ සම්බන්ධෙයන් විධාන දීමේ හෝ වැඩිදුර හෝ වෙනත් පරීක්ෂණයක් පවත්වන ලෙස නියම කිරීමේ බලය කොමිෂන් සභාවට ඇත්තේ ය.
අභියාචනාද සලකා බලා
අවසාන ස්ථාන මාරු නියෝග, ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙමින් නිකුත්
කළ යුතුය. වාර්ෂික ස්ථාන මාරු හිමි වූ නිලධාරීන් සිටින් ආයතන ප්‍රධානීන් ඔවුන්
අදාල දිනයේ දී නව සේවා ස්ථානයේ සේවයට වාර්ථා කිරීමට හැකිවන අයුරින් නිදහස් කළ
යුතුය. අනුප්රාතික නිලධාරියා පැමිණෙන තෙක් නොසිට අදාල රාජකාරි ආවරණය කිරීම සඳහා
සුදුසු අභ්‍යන්තර වැඩ පිළිවෙලක් යොදමින් තම නිලධාරියා නිදහස් කිරීමට වගබලා ගත
යුතුය. නව සේවා ස්ථානයේ නියමිත දිනයේ සේවයට වාර්ථා කිරීම නිලධාරියාගේ වගකීම
වන්නේය. මුදා හැරීමෙන් පසුව සේවයට වාර්ථා නොකළේ නම් සේවය හැර ගියා සේ සලකා කටයුතු
කරනු ඇත.
වාර්ෂික ස්ථාන මාරු
කිරීමේ කාර්ය වඩාත් විධිමත් කිරීම සඳහා ඊට අදාල කටයුතු සිදු කළ යුතු දින වකවානු
පවා රීථී මගින් හඳුන්වා දී ඇත. එම කාලසටහන මෙසේය.
රාජ්‍ය සේවයේ වාර්ෂික ස්ථාන මාරු කිරීම්
කාල සටහන
|
|||||||||||||
රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති සංග්‍රයේ
XVIII පරිච්ඡේදයේ
|
අවසන් දිනය
|
||||||||||||
ජූනි
|
ජූලි
|
අගෝ
|
සැප්
|
ඔක්
|
ජන
|
||||||||
#
|
වගන්තිය
|
කාර්යය
|
1
|
15
|
30
|
31
|
10
|
31
|
15
|
29
|
15
|
31
|
1
|
1
|
198
|
අභිනියෝජිත
බලධාරයා වාර්ෂික ස්ථාන මාරු කමිටු පිහිටුවීම
|
X
|
|
|
|
|
|
|
|
|
|
|
2
|
202
|
ස්ථාන මාරු
ප්‍රතිපත්ති හා පරිපාටි ප්‍රකාශයට පත් කිරීම
|
|
X
|
|
|
|
|
|
|
|
|
|
3
|
204
|
වාර්ෂික
ස්ථාන මාරු සඳහා අයදුම් පත්‍ර කැඳවීම
|
|
|
X
|
|
|
|
|
|
|
|
|
4
|
204
|
රාජ්‍ය
නිලධරයා අයදුම් කිරීම
|
|
|
|
X
|
|
|
|
|
|
|
|
5
|
205
|
අයදුම් පත්‍ර
ස්ථාන මාරු කමිටුව වෙත භාර දීම
|
|
|
|
|
X
|
|
|
|
|
|
|
6
|
207
|
කමිටු
යෝජනා අභිනියෝජිත බලධාරයාට භාර දීම
|
|
|
|
|
|
X
|
|
|
|
|
|
7
|
208
|
යෝජිත
ස්ථාන මාරු සැලැස්ම ප්‍රකාශ කිරීම
|
|
|
|
|
|
|
X
|
|
|
|
|
8
|
210
|
සමාලෝචන
කමිටු පිහිටු වීම
|
|
|
|
|
|
|
X
|
|
|
|
|
9
|
208
|
අතෘප්තිමත්
නිලධාරීන් කරුණු ඉදිරිපත් කිරීම
|
|
|
|
(උපරිම දින 14යි)
|
X
|
|
|
|
|||
10
|
211
|
සමාලෝචන
කමිටු නිර්දේශ භාර දීම
|
|
|
|
|
|
|
|
|
X
|
|
|
11
|
213
|
අවසාන
ස්ථාන මාරු සැලැස්ම ප්‍රකාශ කිරීම
|
|
|
|
|
|
|
|
|
|
X
|
|
12
|
213
|
ස්ථාන මාරු
ක්‍රියාත්මක වීම
|
|
|
|
|
|
|
|
|
|
|
X
|
ඉතා විධිමත්ව හා
පැහැදිලිව අදාල ප්‍රතිපාදන හා පැහැදිලි කිරීම් මෙම නීති-රීථි මගින් හඳුන්වා දී
තිබුණද සේවාවන් රාශියක ලක්ෂ සංඛ්‍යාත නිලධාරීන් සංඛ්‍යාවක් සඳහා, නිර්ණායක
රාශියක් මත පදනම්ව මෙම වාර්ෂික ස්ථාන මාරු කිරීම පහසු කාර්යයක් නම් නොවේ. එබැවින්ම
මේ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සහාය ලබා ගැනීමට වහාම කටයුතු කිරීම අදාල
බලධාරීන්ගේ වගකීම වන්නේය.
ඉතා විධිමත්ව හා පැහැදිලිව අදාල ප්‍රතිපාදන හා පැහැදිලි කිරීම් මෙම නීති-රීථි මගින් හඳුන්වා දී තිබුණද සේවාවන් රාශියක ලක්ෂ සංඛ්‍යාත නිලධාරීන් සංඛ්‍යාවක් සඳහා, නිර්ණායක රාශියක් මත පදනම්ව මෙම වාර්ෂික ස්ථාන මාරු කිරීම පහසු කාර්යයක් නම් නොවේ. "එබැවින්ම මේ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සහාය ලබා ගැනීමට වහාම කටයුතු කිරීම අදාල බලධාරීන්ගේ වගකීම වන්නේය."
ReplyDeleteරාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම කිරීමටත්, දැනට පවතින වෘත්තීමය ගැටළු සඳහා පිලියමක් ලෙසත් වඩාත් වැදගත් කාර්යයක් වනු ඇත. මේ සම්බන්ධ යම් ආරම්භයක් දැනට කරඇතිද? (රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය / රාජ්‍ය සේවා කොමිසන් සභාව)
රාජ්‍ය සේවා කොමිෂන් සභාව තම ක්‍රියාවලි ප්‍රතිනිර්මාණය කිරීම ආරම්භ කර තිබෙනවා.
Deleteමටත් ස්ථාන මාරුවක් ලැබුනා පරිගණක අංශයෙන් පරිගණකයක්වත් නොමැති ස්ථානයකට කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ඉන්නකොට. ඒ ලිපියේ තිබුනේ ඔබගේ අත අැති සියළුම ලිපි ලේඛන බාරදී යන ලෙස.
ReplyDeleteපස්සේ මම හේතුව හොයලා බැලුවාම හේතුව හැටියට දැක්වුවේ සහකාර සාමාන්‍යාධිකාරී පැවසූ ලෙස ඔබ විසින් Oracle 8i ඉගෙන ගෙන තිබීමත් අදාල සහතික පත්‍රය ඔබගේ පුද්ගලික ලිපි ගොනුවට අංශ භාර නිලධාරිනී මගින් ඇතුලත් කිරීමට කටයුතු කිරීමත් ලබාගත් දැනුම ආයතනයට හානී දායක විය හැකි බැවින් මෙම මාරු වීම ලබාදීමට සිදුවන බවය. ඔබට වෙනත් ප්‍රාදේශීය කාර්යාලයකට යන්නට අවශ්‍ය නම් ඒ සඳහාද අවස්ථාව ලබාදිය හැකි බව දන්වන ලදි. ,
කොළඔ ඉදන් බෝඩ්මේ කට්ට කනවාට වඩා ගමේ ගිහින් ඉන්න එක සැප බැවින් නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය වෙත මට යන්නට දෙන්නයැයි පැවසූ වෙමි. ලිපිය වෙනස් කොට නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය වෙත යාමට අවස්ථාව උදා කර ගතිමි. බංදුල දන්නවාද කුඩා තේ වතු සංවර්ධන අධිකාරීයේ නුවර එළිය කාර්යාල කියලා නම දාලා තිබුනට ඒක තිබුනේ ගම්පොල අපේ ගෙවල් ගාව ඉදන් පයින් යන දුරින් Oracle 8i වලටත් සහකාර කළමනාකරුටත් මානසිකත්වයටත් පින් පිං සිදුවන්න ගම්පොල අවුරු 8 සේවය කරලා මටම ඇති වෙලා මම එතනින් අස්වෙලා ජාතික පුස්තකාලයට ගියා෴
පුදුම කථාවක්නෙ ප්‍රදීප්??
Deleteඒ දැනුම කොහොමද හානිදායක වෙන්නෙ ආයතනයට?
පොඩ්ඩක් විස්තර කරන්න ප්‍රදීප්?
ඔබට පරිගණක අංශයේ තවදුරටත් සේවය කිරීමට දීමටනම් ඔබ 'පරිගණක' ඉගෙන ගෙන 'පරිගණක සහතිකය' ලිපිගොනුවට ඇතුළත් කරන්නයි තිබුනේ..! ඔරකල් ඉගෙන ගත්ත නිසයි ඔබට ඔරකල් වලට ආසන්න වශයෙන්වත් අදාළ වෙනත් ස්ථානයක් හම්භ වෙන් ඇත්තේ. මෙහි ඒ ස්ථානය සඳහන්ව නැති නිසයි අහන්නේ; ඔබව මාරු කළේ 'ආශ්චර්ය අංශයට' ද? ඒ කලෙ ඉඳන් ප්ලෑන් කරගෙන එන්න ඇතිනේ ඔය ආශ්චර්ය නැත්නම් Miracle කරා යන ගමන. ඔරකල් වෙනුවට මිරකල්...! නරක නැත.
Deleteඅනිත් කාරණය කාවින්ද, ඔය ආයතනය කුඩා තේ වතු සංවර්ධනය නේ.. නුවරඑළියේ තියෙන්නේ මහා තේ වතුනේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කුඩා තේවතු තියෙන්නේ ගම්පොළ පැත්තට වෙන්න ඇති. ඒ නිසයි ඒ වාසනාව ඔයාට හිමි වුණේ...!
බන්දුල මහත්තයට බොහොම ස්තූතී මේ සටහන් වලට
ReplyDeleteමේ ළිපි වලට සුදුසු ටැග්(ලේබල්) යොදන්නය කියල ඉල්ලනව
එවිට සෙවුම් යන්ත්‍ර වලට පහසුවෙන් අසුවේවි සොයන අයට.
ස්තුතියි තිස්ස.
Deleteඅනිවාර්යෙන්ම, මමත් එකඟයි.