අයතන සංග්‍රහයේ විසිතුන්වන (xxii) පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම වෙන් කර ඇත්තේ මෙම අනුග්‍රහ පිළිබඳව දැනුවත් කිරීම සඳහායි. එම පරිච්ඡේදය නම් කර ඇත්තේම ‘ඇතැම් වර්ගවල ලෙඩ රෝගවලින් පෙලෙන රජයේ නිලධාරීන්ට විශේෂ අනුග්‍රහ සහ ඒ පිළිබඳ කොන්දේසි’ යනුවෙනි.
කෙසේ වුවත් විශේෂයෙන් තේරුම් ගත යුතු කාරණය වන්නේ මෙම අනුග්‍රහ හිමි වන්නේ ‘සමහර’ ලෙඩ-රෝග සඳහා පමණක් බවයි. එනම්;
- ක්‍ෂය රෝගය
- ලාදුරු රෝගය
- පිළිකා රෝගය යන රෝග සඳහා පමණි.
රජ්‍ය සේවයේ නියුක්තිකයින් ද ඇතුළුව බහුතරයකට වැළඳෙන බොහෝ රෝග මීට ඇතුළත් වී නොමැත්තේ, ආයතන සංග්‍රය සම්පාදනය කළ කාලයේ වඩාත් පැතිරී තිබූ හා රාජ්‍ය සේවයට වැඩි බලපෑමක් ඇති කළ රෝගාබාධ මේවා පමණක් වීම නිසා විය හැකිය. මේ වන විට ලැදුරු රෝගය වැළඳීමට ඇති අවස්ථා ඉතා අවම වීම, පිළිකා රෝගී තත්වයන් බහුල වීම, මෙම රෝග ත්‍රිත්වය පමණටම සැලකිල්ලට භාජනය කළ යුතු තවත් රෝගී තත්වයන් ඇති වී තිබීම වැනි හේතු කාරණා සැලකිල්ලට ගනිමින් මෙම වගන්තිය සංශෝධය කළ යුතුව ඇත.
රජය විසින් මෙසේ ලබා දෙනු ලබන අනුග්‍රහ ලබා ගැනීමට නම් මතු කියවෙන සුදුසුකම් සපුරා තිබිය යුතුය.
- රාජ්‍ය සේවයේ නියුතු ස්ථිර නිලධාරියෙකු විය යුතුය.
- තාවකාලිකව සේවයේ නියුක්ත වූයෙක් නම්, අවම වශයෙන් එක් අවුරුද්දක සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතුය. (තාවකාලික සේවය යනු, යම් ආයතනයක අරමුණු ඉටු කර ගැනීම සඳහා සැලසුම් කළ තනතුරුවලට අමතරව, තාවකාලිකව අවශ්‍යවන වෙනත් කාර්යයන් ඉටු කිරීම සඳහා බඳවා ගනු ලැබීමයි.)
- අනියම්ව සේවයේ නියුක්ත වූවෙක් නම්, එක් අවුරුදු අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතුය. (අනියම් සේවය යනු, ස්ථිර තනතුරක කාර්යයන් ආවරණය කිරීම සඳහා බඳවා ගනු ලැබීමයි.)
- ක්‍ෂය රෝගය හෝ ලාදුරු රෝගය හෝ පිළිකා රෝගය වැළඳී, සුවය ලැබෙන බවට විශ්වාස කළ හැකියැයි වෛද්‍ය මණ්ඩලයක් විසින් තීරණය කළ යුතුය.
- රාජ්‍ය සේවයේ නියුතු අදාල රෝගියා, වෛද්‍ය මණ්ඩලය නිර්දේශ කරන ප්‍රතිකාර ලබා ගත යුතුය.
- වැළඳී ඇත්තේ ක්‍ෂය රෝගය නම් ප්‍රතිකාර ලබා ගත යුත්තේ ‘සුඛාගාරයක’ නේවාසිකවය. සුඛාගාරයක් නොවේනම් ප්‍රාදේශීය රෝහලක ක්‍ෂය රෝග වාට්ටුවකය. ප්‍රාදේශීය රෝහලේ ක්‍ෂය රෝග වාට්ටුවක් නොමැති නම් වෙන කරන්නට දෙයක් නැත; එහි සිට හෝ ප්‍රතිකාර ගත හැකිය. ප්‍රාදේශීය රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව අහිමි වන අවස්ථාවකදී නිවසේ සිට ප්‍රතිකාර ලබා ගැනීම අනුමත කරනු ලැබිය යුතු වුවද, ප්‍රතිකාර ලැබිය යුත්තේ ක්‍ෂය රෝග විශේෂඥයෙකුගේ උපදෙස් මතය. එවැනි විශේෂඥයෙකුගේ සේවය ලබා ගැනීමට නොහැකි වන අවස්ථාවකදී ‘සුදුසුකම් ලැබූ’ වෛද්‍ය නිලධාරියෙකුගේ හෝ උපදෙස් ලබා ගත යුතුය.
මෙම නියමයන් පනවා තිබෙන්නේ ආයතන සංග්‍රය සම්පාදනය කළ කාලයේ ක්‍ෂය රෝගය පිළිබඳව තිබුණා වූ මතවාදයන් නිසා වන්නට ඇත. වර්තමාණය වනවිට ක්‍ෂය රෝගය පිළිබඳව ඇති සැබෑ තත්වයන් අනුව මෙම නිමයන් සංශෝධනය කිරීම වඩාත් සුදුසු වේ.
සඳහන් කළ රෝග ත්‍රිත්වය සඳහා අනුග්‍රහ හිමි වන්නේ වෙන-වෙනස් ආකාරයටය.
එනම්;
- ක්‍ෂය රෝගය සඳහා:- පළමුවෙන්ම එම වර්ෂය තුළ තමන්ට හිමි නිවාඩුවලින් පඩි සහිත නිවාඩු ලබා ගත් පසුව තවත් මාස හතරක (4) කාලයක් සඳහා පඩි සහිත නිවාඩු හිමි වේ. (2009 ට පෙර මේ නිවාඩු ප්‍රමාණය මාස නවයක් (9) වුවද, ක්‍ෂය රෝගය සඳහා වූ ප්‍රතිකාර ක්‍රම වෙනස් වීම හේතුවෙන් - හෝ වෙනත් හේතුවක් නිසා හෝ මෙම කාලය මෙලෙස මාස හතරක් දක්වා අඩු කර ඇත.) එම මාස හතරේ නිවාඩුවෙන් වසර හතරක (4) පසුව තවත් මාස හතරක (4) කාලයක් පමණක් පඩි සහිත නිවාඩු ලබා ගත හැකිය. ක්‍ෂය රෝගී තත්වය සුව වී සේවයට වාර්තා කිරීමෙන් පසුව මාස තුනකට වරක් තමන්ව පරීක්‍ෂා කරවා ගැනීම සඳහා රාජකාරී නිවාඩු හා නිදහස් දුම්රිය බලපත්‍ර යන අනුග්‍රහයන්ද හිමිය.
- ලාදුරු රෝගය:- පළමුවෙන්ම එම වර්ෂය තුළ තමන්ට හිමි නිවාඩුවලින් පඩි සහිත නිවාඩු ලබා ගත් පසුව තවත් මාස විසිදෙකක (22) කාලයක් සඳහා පඩි සහිත නිවාඩු හිමි වේ.
- පිළිකා රෝගය:- පළමුවෙන්ම එම වර්ෂය තුළ තමන්ට හිමි නිවාඩුවලින් පඩි සහිත නිවාඩු ලබා ගත් පසුව තවත් මාස හයක (6) කාලයක් සඳහා පඩි සහිත නිවාඩු හිමි වේ.
එසේ සනාථ කිරීමට නොහැකි වූ අවස්ථාවකදී;
- ලබා දුන් නිවාඩු අවසන් වූ වර්ෂය සඳහා හිමි පුද්ගලික නිවාඩු ලබා ගෙන අදාල පරිදි සුවය ලබා ගත යුතුය.
- එම පඩි සහිත නිවාඩු අවසන් වනවිට රාජ්‍ය සේවයේ නියුතු වූවන්ට විවිධ හේතූන් සඳහා නිවාඩු ලබා දෙන්නා වූ ක්‍රම අනුගමනය කරමින් අඩ වැටුප් සහිත නිවාඩු ද ලබා ගෙන සුවය ලබා ගත යුතුය.
- ඒ සියල්ල අවසන් වන විටදී ද අදාල පරිදි සුවය ලබා නොමැතිනම්, පඩි රහිත නිවාඩු ලබා ගත යුතුය. එසේ වුවද පඩි රහිත නිවාඩු අනුමත කිරීමේදී රැකියාවට හා ආදාල පුද්ගලයාට වඩාත් යහපතක් සිදු වන්නේ හා යුක්ති සහගත වන්නේ පඩි රහිත නිවාඩු ලබා දීමද, ‘සෞඛ්‍ය හේතු මත විශ්‍රාම ගැන්වීම’ද යන බව වෛද්‍ය මණ්ඩලයක නිර්දේශ මත තීන්දු කරනු ඇත.
මේ ආකාරයට කරුණු තේරුම් ගැනීමේදී අපට පෙනී යන්නේ ‘බෑ පොත’ ලෙස ගැරහීමට ලක්ව ඇති ආයතන සංග්‍රහය, සමහරුන් සිහිනෙකින්වත් නොසිතන දේ පවා සිදු කරන ආකාරය පහදා දෙන ‘හා පොතක්’ බවයි. එසේ වුවද එහි ඇති විධි-විධාන කාලානුරූපීව වෙනස් වීම ප්‍රශස්ථ මට්ටමින් සිදු වී නොමැති බවද පිළිගත යුතුය.
මීට දශක ගණනාවකට පෙර තිබූ තාක්‍ෂණික පහසුකම් මත සිටිමින් නිර්මාණය වූ රාජ්‍ය සේවයේ කාර්යයන් සඳහා අද තිබෙන තාක්‍ෂණය යොදා ගන්නේ නම් ඉහත සාකච්ඡා කළ කාරණය වැනි අවස්ථා සඳහා මීට වඩා පහසු හා ලාබදායී (කාර්යක්‍ෂම හා ඵලදායී) ආකාරයකට කටයුතු කළ හැකි බව සඳහන් කළ යුතුය. උදාහරණයක් ලෙස රජය විසින් ජනතාවගේ වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව මධ්‍යගත තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යන්නේ නම් හා, ඉන් යම් යම් තොරතුරු ලබා ගැනීම සඳහා වරප්‍රසාද අදාල අධිකාරීන් වෙත ලබා දෙන්නේ නම් දෙපාර්තමේන්තු ප්‍රධානියාට ‘වෛද්‍ය මණ්ඩල’ පත් කිරීමේ හෝ නිර්දේශ විමසා සිටිමේ අවශ්‍යතාවයක් පැන නොනගී.
රාජ්‍ය සේවයේ නොවන මගේ සුභ පැතුම්. ඒ වගේම පතනවා ඔය විශේෂ අනුග්‍රහයන් ලබා ගැනීමට සිදු නොවේවා කියලත්.
ReplyDelete(1) ස්තුතියි...!
Delete(2) ස්තුතියි...!
පලමුව ඔබ ඉටුකරන්නා වූ මෙහෙය අගය කොට සලකමි. දැනුම දන් දීම සම්බන්ධයෙන් ඔබට පිං.
ReplyDelete(1) ස්තුතියි...!
Delete(2) ස්තුතියි...!
"මීට දශක ගණනාවකට පෙර තිබූ තාක්‍ෂණික පහසුකම් මත සිටිමින් නිර්මාණය වූ රාජ්‍ය සේවයේ කාර්යයන් සඳහා අද තිබෙන තාක්‍ෂණය යොදා ගන්නේ නම් ඉහත සාකච්ඡා කළ කාරණය වැනි අවස්ථා සඳහා මීට වඩා පහසු හා ලාබදායී (කාර්යක්‍ෂම හා ඵලදායී) ආකාරයකට කටයුතු කළ හැකි බව සඳහන් කළ යුතුය. උදාහරණයක් ලෙස රජය විසින් ජනතාවගේ වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව මධ්‍යගත තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යන්නේ නම් හා, ඉන් යම් යම් තොරතුරු ලබා ගැනීම සඳහා වරප්‍රසාද අදාල අධිකාරීන් වෙත ලබා දෙන්නේ නම් දෙපාර්තමේන්තු ප්‍රධානියාට ‘වෛද්‍ය මණ්ඩල’ පත් කිරීමේ හෝ නිර්දේශ විමසා සිටිමේ අවශ්‍යතාවයක් පැන නොනගී. "
ReplyDeleteතවත් උදා. සලකා බලන්න. රජයේ සේවකයන්ට වැලදෙන්නේ ඉහත දක්වා රෝග තුන පමණක්ද? ඔබ දක්වා ඇති ආකාරයට තො.තා. මේ සඳහා භාවිත කරන්නේ නම් එවැනි සරල කරුණු වුවත් හොඳින් ආමත්‍රණය කල හැකියි.
අදාල බලධාරීන්ගේ ඉක්මන් අවධානය පිණිසයි...
National Identification System එකක් තිබුණොත් කොහොම වෙයිද?
Delete