රාජ්‍ය සේවයේ නියුතු මාණ්ඩලික හෝ අධීක්ෂණ මට්ටමේ නොවන ඕනෑම නිලධාරියෙකුට
ඕනෑම ආකාරයක දේශපාලන කාර්යක නිරත වීමට නීතිමය අවසර තිබියදීත් දේශපාලන හේතු මත
ස්ථාන මාරු කිරීමට ලක් වීම ගැන නිතරම කතා වෙනවා. ඒත් ‘දේශපාලන හේතු මත ස්ථාන මාරු’
කරන හැටි කිසිම තැනකින් හොයා ගන්න බැරි වුණා.
ආයතන සංග්‍රයේ iii වන පරිච්ඡේදය
සම්පූර්ණයෙන්ම වෙන් වී ඇත්තේ රාජ්‍ය නිලධාරීන්ගේ මාරු කිරීම් සිදු කරන ආකාරය
පැහැදිලි කිරීමටයි. දාහත්වන ආණ්ඩුක්‍රම සංශෝධනයේ ඇති ප්‍රතිපාදන අනුව, 2009
පෙබරවාරී මස 20 දින නිකුත් කරන ලද අංක 1589/30 දරන ගැසට් පත්‍රයේ පළ කළ ‘රාජ්‍ය
සේවා කොමිෂන් සභා - කාර්ය පටිපාටික රීති’ සංග්‍රයේ ස්ථාන මාරු කිරීම් සම්බන්ධ XVIII පරිච්ඡේදය ආයතන සංග්‍රයේ
අදාල පරිච්ඡේදයට වඩා සවිස්තරාත්මකව කරුණු දක්වා ඇත.
ස්ථාන මාරු කිරීමේ ආකාර හතරක් ගැන ඒවායේ කතා වෙනවා.
- වාර්ෂිකව කරනු ලබන ස්ථාන මාරු
- සේවා අවශ්‍යතා මත කරනු ලබන ස්ථාන මාරු
- විනය හේතු මත කරනු ලබන ස්ථාන මාරු
- රජයේ නිලධාරියන්ගේ ඉල්ලීම මත කරනු ලබන අන්‍යෝන්‍ය ස්ථාන මාරු (සුහද ස්ථාන මාරු)
සේවා අවශ්‍යතා මත කරනු ලබන ස්ථාන මාරු
මේ අතරින් දේශපාලන හේතු මත යම් කෙනෙක් ‘තූත්තුකුඩියට’ හෝ
එවැනි ප්‍රදේශයකට මාරු කිරීමට අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනයට ගන්න වෙන්නේ ‘සේවා අවශ්‍යතා
මත කරනු ලබන ස්ථාන මාරු’ වර්ගයයි. එහෙත් සේවා අවශ්‍යතා පදනම් කර ගනිමින් ස්ථාන
මාරු කිරීම් කළ හැක්කේ පහත දැක්වෙන අවස්ථා වලදී පමණක් බවද මතක තබා ගත යුතුය.
- නිලධාරියාගේ සේවාව වර්තමාන සේවා ස්ථානයට තව දුරටත් අවශ්‍ය නොවන විටක
- වෙනත් ස්ථානය සේවා අවශ්‍යතාවයක් සම්පූර්ණ කර ගැනීම සඳහා රජයේ නිලධාරියෙකු හෝ අසාළ නිලධාරියාම අවශ්‍ය වී ඇති විටක
- නිලධාරියා තව දුරටත් සේවයේ යෙදීම එම ආයතනයේ පරිපාලනමය හේතු මත නුසුදුසු වන විටක
මෙලෙස ස්ථාන මාරු කිරීමට නම් ඉහත දැක්වූ අවශ්‍යතාවය සත්‍ය
වශයෙන්ම ඇති වී තිබෙන බවටත්, එළඹෙන වාර්ෂික ස්ථාන මාරු කිරීම් සිදුවන තෙක් ප්‍රමාද
කිරීමට හැකියාවක් නොමැති බවටත් පත්කිරීඹ් බලධරයා පුද්ගලිකවම සෑහීමට පත් විය යුතුය.
අවශ්‍යතාවය මත කෙටි දැනුම් දීමකින් පව මාරු කිරීම සිදු
කළ හැකිය.
විනය හේතු මත කරනු ලබන ස්ථාන මාරු
පහත දැක්වෙන හේතුවක් නිසා ‘විනය හේතුමත කරනු ලබන ස්ථාන
මාරු කිරීමකට’ මුහුණ දීමට නිලධාරියෙකුට සිදුවනු ඇත.
- නිලධාරියාට එරෙහිව පවත්වන ලද විනය පරීක්ෂණයක දඬුවම ලෙස ස්ථාන මාරු කිරීම සඳහන්ව ඇති විනය නියෝගයක් මත
- මූලික විමර්ශණයකින් අණාවරණය වී ඇති කරුණු මත, නිලධාරියා වැඩතහනමට ලක් නොකළ ද එම සේවා ස්ථානයේ තව දුරටත් රඳවා ගැනීම නොකළ යුතුව ඇති විටක
- මූලික විමර්ශණය පැවත් වීමට පෙරාතුව හෝ පවත්වාගෙන යන අතර තුර හෝ අණාවරනය වන කරණු මත හෝ උද්ගතව ඇති තත්වයන් මත තව දුරටත් එම ස්ථානයේ රඳවා ගැනීම පරීක්ෂණයට බාධාවක් විය හැකි විටක
නිලධාරීන්ගේ ඉල්ලීම මත සිදු කෙරෙන අන්‍යෝන්‍ය ස්ථාන මාරු
(සුහද ස්ථාන මාරු)
මතු දැක්වෙන අවශ්‍යතාවයන්ට යටත්ව, නිලධාරීන් දෙදෙනෙකු හෝ
වැඩි සංඛ්‍යාවක් එක්ව අන්‍යෝන්‍යව ස්ථාන මාරු ඉල්ලීම් පිළි ගෙන ස්ථාන මාරු නියෝග
නිකුත් කිරීමට හැකියාව ඇත.
- අදාල රජයේ නිලධාරීන් එකම සේවයක හා ශ්‍රේණියක හෝ සමාන තනතුරුවල හෝ සේවයේ නියුතු අය වීම
- අදාල නිලධාරීන්ගේ ආයතන ප්‍රධානීන්ගේ එකඟතාවය ලැබී තිබීම
- අදාල නිලධාරීන් කවරෙකු හෝ විනය හේතු මත ස්ථාන මාරුවීම් ලැබ ඇත්නම් එම දඬුවම් කාලය අවසන් කොට තිබීම
- වර්තමාන සේවා ස්ථානයේ වසර දෙකක කාලයක් සම්පූර්ණ කර තිබීම
ස්ථාන මාරු සඳහා හෝ රාජ්‍ය නිලධාරීන් අතර සුහදතාවයක්
තිබීම අගනේය.
මෙලෙස සඳහන් කළ කුමණ ආකාරයේ ස්ථාන මාරුවක් හෝ ලබාගෙන
නිලධාරියෙක් ආයතනයෙන් නික්ම සති දෙකක් ඇතුළත එම නිලධාරීය සම්බන්ධ මතු දැක්වෙන
සියළුම ලියකියවිලි නව ආයතනය වෙත යැවීමට කටයුතු කළ යුතුය.
- යාවාත්කාලීන කරන ලද චරියා සටහන සහිතය යාවත්කාලීන කරන ලද පෞද්ගලික ලිපිගොනුව
- අවසන් වැටුප් වර්ධකය ලබා දුන් දින සිට ස්ථාන මාරුවීම ක්‍රියාත්මක වූ දිනය දක්වා කාල පරිච්ඡේදය සඳහා, ඊළඟ වැටුප් වර්ධකය ලබා දීම පිළිබඳ ලිඛිත නිර්දේශ
- කාර්ය සාධන ඇගයීම් වාර්ථාව
- නිවාඩු විස්තර වාර්තාව
- පත්වීම් දිනයේ සිට විවේක නිවාඩු
- පවත්නා වර්ෂයේ අනියම් නිවාඩු
- නිවාඩු දුම්රිය බලපත්‍ර පිළිබඳ වාර්තාව
- වැටුප් විස්තර වාර්තාව
- ණය ශේෂ වාර්තාව
- සේවා කාලය තුළ කරන ලද විදේශ ගමන් පිළිබඳ වාර්තාව
- සහභාගි වූ අධ්‍යයන පාඨමාලා, වැඩමුළු හා විවිධ සම්මන්ත්රණ පිළිබඳ වාර්තාව
- නිලධාරියා සම්බන්ධ වෙනත් ලියකියවිලි
යම් නිලධාරියෙකුගේ ඉහත සඳහන් තොරතුරු පමණක් වුවද
යාවත්කාලීනව පවත්වාගෙන යාම සරල හෝ පහසු කාර්යයක් නොවේ. නිලධාරීන් 10 දෙනෙකු පමණ
සිටින ආයතනයක් සැලකුවද මේවැනි ’සේවා කොන්දේසි කාර්යයන්’ නිවැරදිව හා අංග
සම්පූර්ණව සිදු කරන්නේ නම් අවම වශයෙන් නිලධාරීන් දෙදෙනෙක්වත් ඒ සඳහා යෙදවිය යුතුය.
රාජ්‍ය නිලධාරීන් ගෙන් සියයට විස්සක් (20%) නිලධාරීන්ගේ රජකාරි ඉටු කිරීම සඳහා
පමණක් සේවයේ යෙදවීමට සිදුව තිබේ. මේ කාර්යයන් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
යොදා ගන්නේ නම් මෙම ප්‍රමාණය 1% පමණ දක්වා අඩු කර ගැනීමට හැකි වනු ඇත.
"මේ කාර්යයන් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගන්නේ නම් මෙම ප්‍රමාණය 1% පමණ දක්වා අඩු කර ගැනීමට හැකි වනු ඇත."
ReplyDeleteවැදගත් හෙලිදරව්වක්...
ඔව් රංජන්,
Deleteඔබ නිකමට ඔබේ ආයතනයේ විමර්ෂණය කර බලන්න කී දෙනෙක් 'ෆර්සනල් ෆයිල්' වැඩ කරනවාද කියල. ඒ වැඩ වලින් 99.9% පද්ධතියක් බගින් කරන්න පුළුවන් දේවල්.